චීනය ප්‍රදානය කළ ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා.
චීන ආධාර වැඩසටහන යටතේ එම ජල බවුසර් මෙරටට ප්‍රදානය කර තිබෙනවා.
පසුගිය කාලය පුරා පැවති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස ලබාදුන් ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට අධිකයි.
