Gossips

චීනයෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්

ලොව දෙවන විශාලතම ස්මාට් දුරකථන සමාගම ලෙස ඇමරිකානු ඇපල් අභිබවා පෙරට පැමිණි හුවාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂූ වහා නිදහස් කරන ලෙස චීනය කැනඩාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ඇමරිකාවේ ඉල්ලීම මත කැනඩාවේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සමාගම ඇමරිකාව පනවා ඇති ඉරාන සම්බාධක උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.
චීනයේ විශාලතම තාක්ෂණික සමාගම වන හුවාවේ නිර්මාතෘවරයාගේ දියණිය වන ඇය ඇමරිකාවට පිටුවහල් කිරීමට පෙර අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශ වූයේ නැහැ.
පැය 6 ක අධිකරණ විභාගයකින් පසු නඩු විභාගය සඳුදා තෙක් කල් තැබුණා.
චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කැනඩාවට දැනුම්දී ඇත්තේ ඇය නිදහස් නොකළහොත් දැඩි ප්‍රතිචාරවලට මුහුණදීමට සිදුවනු ඇති බවටයි.