Gossips

චීනයත්, සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ගැන උරණ වෙයි

ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම චීනය දැඩි විවේචනයට ලක් කළා.
ජාත්‍යන්තර සබඳතා වලදී බලහත්කාරී තීරණ ක්‍රියාත්මක කළ නොහැකි බවයි චීන රජය ප්‍රකාශ කර ඇත්තේ.
සියලූ රටවල ස්වාධීනත්වයට අනෙකුත් රටවල් ගරු කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
මෙම ප්‍රහාර සුළු කොට නොතකන බව රුසියාව ද කියා සිටියා.
ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධව සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථාන වෙත ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ අද (14) උදෑසනයි.
ඒ සිරියාවේ ඩූමා නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.