චිලී දේශයේ දෙවරක් ජනාධිපති ධුරය දැරූ මිචෙල් බැචලෙට් නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කරගෙන තිබෙනවා.
ඒ, නිව්යෝක් නුවර ජගත් සංවිධාන මහා මණ්ඩලයේ ඊයේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි.
වර්තමාන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වන සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ නිළ කාලය අගෝස්තු 31 වන දා අවසන් වන අතර, නව මහකොමසාරිස්වරිය සැප්තැම්බර් 1 වන දා සිට සිය ධුරයේ රාජකාරී අරඹනු ඇති.
