Gossips

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූකම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, විදුලිය විසන්ධිවීම හේතුවෙන් දෙලක්ෂයකට අධික ජනතාවක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පැසිෆික් වෙරළ තීරයේ පිහිටි පැරණි ගොඩනැගිලි කිහිපයකට ද භූකම්පනයෙන් හානි සිදුව ඇති බව සඳහන්.
කිලෝමීටර 53 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන ඇති අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සුනාමි අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබූ නමුත් පසුව එය අවලංගු කර තිබෙනවා.
මේ අතර ගුජරාට ප්‍රාන්තයේ සුළු භූකම්පනයක් හටගෙන ඇති අතර එය රික්ටර් මාපකයේ 4.1 ක අගයක් ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ වාර්තාවී නැහැ.