Gossips

චිලී දේශය සුපිරි වෙළඳසැල්වල පොලිතින් මළු භාවිතය තහනම් කරයි

පොලීතින් තහනම් කළ ප්‍රථම ලතින් ඇමරිකානු රාජ්‍යය ලෙස චිලී දේශය එරට සුපිරි වෙළදසැල්වල පොලිතින් මළු භාවිතය තහනම් කර තිබෙනවා.
චිලී කොංග්‍රස් මණ්ඩලය මගින් අනුමත කළ එම යෝජනාව ජනාධිපති සෙබස්තියන් පිනේරා විසින් අත්සන් කිරීමෙන් පසු දැන් නීතියක් බවට පත්වී අවසන්.
මේ අනුව මහා පරිමාණ ව්‍යාපාරවලට පොලිතින් භාවිතයෙන් ඉවත්වීම සඳහා මාස 06ක කාලයක් ලබාදී ඇති අතර, එතෙක් පාරිභෝගිකයන්ට පොලිතින් මළු දෙකකට වඩා නිකුත් නොකරන ලෙස නියෝග කර තිබෙනවා.
එම තහනම උල්ලංගණය කරන ව්‍යාපාර සඳහා ඩොලර් 370ක දඩයක් පැනවෙනු ඇති.
චිලී දේශය වසරකදී පොලිතින් මළු මිලියන 3.4ක් පමණ භාවිත කරන අතර ඉන් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ සියයට 10ක් පමණයි.