Gossips

චිලී දේශයේ භූ කම්පනයක්

දකුණු ඇමරිකානු චිලී රාජ්‍යයේ උතුරුමැද ප්‍රදේශයේ අද රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
එහි වල්පරයිසෝ ප්‍රදේශයට මෙන්ම සන්තියාගෝ අගනුවරටද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
භූ කම්පනය නිසා නිවාස දහස් ගණනකට විදුලිය ඇණහිට තිබෙනවා.
භූ කම්පනය සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැහැ.
චිලී, ලෝකයේ භූ කම්පනවලට බෙහෙවින් ගොදුරුවන රටක් ලෙසයි සැළකෙන්නේ.
1960 වසරේදී එහි රික්ටර් පරිමාණයේ 9.5 ක වාර්තාගත භූ කම්පනයක් සිදුවුණා.