Gossips

චිත්‍රපට බෙදා හැරීමේ බලතල යළි සංස්ථාවට

දැනට පෞද්ගලික සමාගම් හතරක් හරහා සිදු කරන චිත්‍රපට බෙදා හැරීමේ බලතල යලි පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා.
එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපටශාලා හිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.
ඒ අනුව අදාළ සමාගම් සඳහා චිත්‍රපට බෙදා හැරීමේ බලතල මීට පෙර ලබාදී තිබුණේ තාවකාලික පදනම යටතේ බව ද සභාපතිවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියා.