මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
38 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ භූමිතෙල් දමා "චාලි" නමැති ලැබ්රඩෝ වර්ගයේ සුනඛයා සිටි කූඩුවට ගිණි තබා තිබුණා.
දරුණු පිළිස්සුම් තුවාල ලබා සිටි මෙම සත්වයා පසුගිය පළමුවනදා මිය ගියා.
