Gossips

චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා බව නිවේදනය කෙරේ

දෙවන එලිසබෙත් මහරැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා චාල්ස් කුමරු විය යුතු බවට පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් එකඟත්වයකට පැමිණි බව ඊයේ ප්‍රකාශ කෙරුණා.
රටවල් 53 කින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස තමාගෙන් පසුව චාල්ස් කුමරු පත් කරගනු දැකීම තම අපේක්ෂාව බව මහරැජින පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය නායකයන් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, පෞද්ගලික සාකච්ඡාවක් සඳහා වින්ඩ්සර් මාලිගයට රොක් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන් ඒ සඳහා එකඟත්වයකට පැමිණ ඇති බව සඳහන්.
92 හැවිරිදි දෙවන එලිසබෙත් මහරැජින පොදු රාජ්‍ය මන්ඩලයේ නායකත්වයට පැමිණියේ ඇය 21 වන වියේ පසුවද්දීයි.
ඒ 6 වන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු 1952 වසරේදී ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළ දැරීමෙන් අනතුරුවයි.