Gossips

චමල් රාජපක්ෂට වාසුගෙන් ඉහළම ලකුණු

මීළග ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් පත්වන බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයේ වලංගුතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා තමාගේ දැක්ම අනුව චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිම සුදුසු පුද්ගලයා බවයි ඔහු කියා සිටියේ.