Gossips

චමරි අතපත්තුගේ සූදානම

බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී ලබන මස පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ලැබෙන සෑම අවස්ථාවක්ම යොදා ගනිමින් ජයග්‍රහණ වාර්තා කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසනවා.
පසුගිය ඉන්දීය තරගාවලියේදී දැක්වූ දස්කම් තුළින් ඒ සඳහා කණ්ඩායම තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි ඇය සඳහන් කළේ.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය නොවැම්බර් 11 වන දා පැවැත්වෙන්නේ එංගලන්ත කාන්තා පිළ සමඟයි.