ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම කඩ කළ බව පිලිගෙන තිබෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේදී පැය දෙකක කාලයක් පිටියට පැමිණීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ අභියාචනය අද (22) සලකා බැලීමට නියමිතයි.
මයිකල් බැලොෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිෂන් සභාව විසින් එය සලකා බැලීමට නියමිතව තිබෙනවා.
තමන්ට පැනවු දඬුවමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ඊයේ අභියාචනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
කොදෙව්වන් සමග පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාව මත දිනේෂ් චන්දිමාල්ට කොදෙව් කණ්ඩායම සමඟ අවසන් ටෙස්ට් තරඟය තහනම් කෙරුණු අතර ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් පනවනු ලැබුවා.