Gossips

චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහ ගැන ICC ය හදිසියේම ගන්න යන තීරණය ?

ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළ බවට චෝදනා කරමින් නායක දිනේෂ් චන්දිමාල්ට, කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ICC ය විසින් ටෙස්ට් තරඟ තුනක් තහනමක් පැනවීමට ඉඩ ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට විරෝධය පලකිරීම පැය එකහමාරක කාලයක් පමා කිරීමයි ඔවුන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නායක දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරඟයක් සහ ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට ලබන 23 වන දා බාබඩෝස් හිදී ආරම්භවීමට නියමිත දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වනු ඇති.
rn