ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම්කර අතර කලක් කණ්ඩායමේ ස්ථාන රැකගෙන සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එහිදී තම ස්ථාන අහිමිවීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
හිටපු එක්දින ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ටද ලෝක කුසලාන සංචිතයේ සිය ස්ථානය අහිමිවී ඇති අතර කණ්ඩායම සමබර කිරීමේදී චන්දිමාල්ට සංචිතයේ ස්ථානයක් ලබාදිය නොහැකි බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
මේ අතර චන්දිමාල්ට ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානය අහිමිවීම පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් දැඩිව ප්‍රශ්න කළා.
