Gossips

චන්දිමාල්ට ICCයෙන් චෝදනාවක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ශ්‍රී ලංකා පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා ගොනුකර ඇති බව වාර්තා වනවා.
නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ බව දන්වා තිබෙනවා.
ශාන්ත ලුසියා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා.
ඒ, දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව අසාමාන්‍ය ලෙස ඔප දැමීමෙන් එහි හැඩය වෙනස් වූයේ යැයි පවසා පන්දුව මාරු කිරීමට විනිසුරුවන් ගත් තීරණයක් හේතුවෙන්.