ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ හට ටෙස්ට් තරඟ දෙකට අමතරව එක්දින තරඟ 4ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාව නිසා ඇති වූ අර්බුදය නිසා පිටියට පැමිණීම වර්ජනය කිරීම නිසයි.
මෙසේ පිටියට නොපැමිණීමේ වරදටයි ඔවුන්ට ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින හෝ විස්සයි විස්ස තරඟ 4ක තහනමක් පනවා ඇත්තේ.
මේ අනුව ඔවුන්ට දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟාවලියේ පළමු තරඟ 4 අහිමි වනවා.