Gossips

චන්දිමාල්ගෙන් අභියාචනයක්

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවනි ටෙස්ට් තරඟය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනාවට වරදකරු වීම නිසා තරඟ මුදලින් 100%ක දඩයක් සහ එක් ටෙස්ට් තරඟයක් තහනම් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා.
මේ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නට චන්දිමාල් තීරණය කර තිබෙනවා.
මේ අනුව ඔහුට කොදෙව්-ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවයි පැවසෙන්නේ.
ඊට හේතුවන්නේ මේ සිද්ධිය පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදු කිරීමට සති කිහිපයක් අවශ්‍යය වීමයි.
එම පුර්ණ පරීක්ෂණය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කමිටුවක් පත්කිරීමට නියමිතයි.