Gossips

චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම් ගත කෙරේ

මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.
ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව නිවැරදි දත්ත නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලය පුරා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පැවති ගැටළුවලට නිසි විසඳුම් ලබාදීමට හැකියාවක් පැවතුණේ නැහැ.
ඒ අනුව වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්ත ඔස්සේ කුඹුරු සිතියම් ගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ වනවිට යාපනය, ගම්පහ, මාතලේ දිස්ත්‍රික්කවල කුඹුරු මෙලෙස සිතියම් ගත කර ඇති අතර මෙම වැඩසටහන සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5 ක්.rn