Gossips

චන්ද්‍රිකාට සහ මහින්දට ජනපතිවරණයට තරඟ කළ හැකියි – චන්දිම

පවත්නා ක්‍රමය යටතේ හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් වීමේ ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසනවා.
නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතියෝජනය කිරීමක් මිස සංශෝධනය කිරීමක් සිදුකර නොමැති බවයි.
කෙසේ වෙතත්, ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට යලි ජනාධිපති ධූරය සඳහා තරඟ කළ නොහැකි බවයි.