Gossips

චන්ද්‍රානි බණ්ඩාර සහ සී.බී. අර්ජුන්ගෙන් මුදල් නොගත් බව කියයි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී මුදල් නොගත් බවට ඊයේ දින වනවිට කියා සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 55 ක්.
එමෙන්ම ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක, තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව අද ප්‍රකාශ කළා.
ඒ අනුව මෙතෙක් තමන් මුදල් ලබා නොගත් බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 57ක්.
මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සොයාදෙන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එම කාර්යාලයේ ප්‍රමුඛ අවධානය ඊට යොමුකර ඔහු පිළිබඳ නිවැරදි තොරතුරු රටට අනාවරණ කරන ලෙස ඉල්ලමින්.