Gossips

චණ්ඩමාරුතය, ඇමරිකාවට කඩා වදී

ප්‍රබල විනාශයක් සිදුකළ හැකි ෆ්ලෝරන්ස් චන්ඩමාරුතය මේ වනවිට ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් රට තුළට කඩා වැද තිබෙනවා.
අපේක්ෂිත වේගයට වඩා අඩු වේගයක් එනම්, පැයට කිලෝමීටර් 150 ක පමණ වේගයකින් හැමුව ද මේ වනවිට එහි ධාරානිපාත වර්ෂාවක් සහ ජල ගැලීම් වාර්තා වන බව සඳහන්.
නිවාස ලක්ෂයකට පමණ විදුලිය ඇණ හිට ඇති අතර, කැරොලයිනා වෙරළාසන්න ප්‍රදේශවලින් මිලියනයකට ආසන්න ජනයා ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කර ගැණුනා.
ජල ගැලීම් මීටර් 4 ක් දක්වා ඉහළ යා හැකි බැවින් මෙම සුළි සුළඟ දරුණු ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ඇමරිකානු කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් කළා.