Gossips

චක්‍රලේඛ උල්ලංඝනය කරන විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් රතු එළියක්

රජයේ පාසල් තුළ අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව වෙනත් මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (30) පැවති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම මෙලෙස මුදල් එක්රැස් කරන මෙම විදුහල්පතිවරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.