Gossips

ඝාතන තැතක් ගැන වෙනිසියුලානු ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා

තමන් ඝාතනය කිරීමට ඇමරිකාව උත්සහ කරන බවට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා කරනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ප්‍රකාශ කළේ සිය රජය පෙරළා දැමීමටද ඇමරිකාව කුමන්ත්‍රණය කරමින් සිටින බවටයි.
ඇමරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඇතුලූ ඇමරිකානු රජයේ ප්‍රබලයන් පිරිසක් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවද වෙනිසියුලානු ජනාධිපතිවරයා සඳහන් කළා.
පසුගියදා වෙනිසියුලාවට නව ආර්ථික සම්බාධක පැනවීමට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවරගෙන තිබුණා.