Gossips

ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ මන්දගාමී බව ඒකාබද්ධය කියයි

වැඩ තහනමට ලක් වු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන නිවැරදි ලෙස පරික්ෂණ කටයුතු සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ඉල්ලා සිටිනවා.
කොළඹ නෙළුම් මාවතේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම කුමන්ත්‍රණය පිටුපස සිටින සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට රජයට බල කරන බවයි.
එම හෙලිදරව්ව සිදුකර දින 40 ක් ගතව ඇතත් පොලීසිය සිදුකරන පරීක්ෂණ ඉතා මන්දගාමී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.