Gossips

ඝාතන කුමන්ත්‍රණයේ කට හඬ පරීක්ෂණ අවසන් – තවත් අනාවරණයකට නාමල් කුමාර දින ඉල්ලයි

ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ කට හඬ පරීක්ෂාව සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අද රැගෙන ගොස් තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම වාර්තාව නඩුව කැදවන ඊළඟ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මේ අතර, ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ද නිකුත් කළා.
ඒ, අධිකරණ නියෝගයකට අනුව මොවුන් දෙදෙනාට අද දිනයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදීයි.
නඩුව මේ මස 23 වනදා යලි කැදවනු ඇති.
මේ අතර, අධිකරණයට පැමිණීමෙන් අනතුරුව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ, තමන් සතුව ඇති තවත් හඬ පට කිහිපයක් භාරදීම සඳහා දිනයක් වෙන් කර ගැනීම සඳහායි.