යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේද විරෝධතාවක නිරතවුණා.
ඒ, යාපනය වඩුක්කෝඩෙයි – සිත්තම්කේනි මංසන්ධියේදියි.
මේ හේතුවෙන් මානිප්පායි, පොන්නාලෙයි මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ලවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කළා.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ දිනයේදීද යාපනය – සුළපුරම්හිදී ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා.
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී මෙම දැරියගේ මළ සිරුර සොයා ගත්තේ පසුගිය 25 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියේ ඥාතියෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පසුගිය දින කිහිපයේ ද එම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වුණා.
