Gossips

ඝාතනය කළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඥාතීන් ජනපති හමුවේ

මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සමඟ ජනාධිපති කාර්යාලයට පැමිණි ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳව කණගාටුව පළ කළා.
මෙහිදී පොලිස් සැරයන්වරයාගේ බිරිඳට ගාල්ල – නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදුන් ජනාධිපතිවරයා ඝාතනය කෙරුණු පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ කුඩා පුතනුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දක්වන බවයි කියා සිටියේ.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර, විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 7 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වන අතර මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ අධිකරණ තීන්දුවෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සාකච්ඡාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.