Gossips

ඝාතනය කළ දිවියෙකුගේ සිරුරක් නෝර්වුඩ් වතුයායෙන් හමුවෙයි (ඡායාරූප)

නෝර්වුඩ් වතු යායේ ඉහළ කොටසේ තණබිමක තිබී ඝාතනය කරන ලද දිවියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
උගුලකට හසුවී ඇති මෙම දිවියා අඩි 4 පමණ දිගකින් යුත් අතර වයස අවුරුදු 4 ක් පමණ වන බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.
නෝර්වුඩ් වතුයායේ මුරකරු විසින් දිවියාගේ සිරුර දැක ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ලැබුනු තොරතුරු මත වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දිවියා උගුලකට හසුවීමෙන් අනතුරුව හිසට පහරදී ඝාතනය කර දත් සහ නිය ගලවාගෙන මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දිවියාගේ සිරුර පරීක්ෂණ සඳහා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ