Gossips

ඝාතනය කර පිළිස්සු මළ සිරුරක් මොරටුවෙන් හමුවේ – මෝටර් රථයත් අතුරුදන්

මොරටුව එගොඩඋයන – රන්වැලි මාවත අසළ ලී මඩුවක තිබී ඝාතනය කරන ලද අඩක් පිළිස්සුණු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අද අලූයමයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙකු බවට හදුනාගෙන තිබෙනවා.
වෘත්තියෙන් කුලී රථ රියදුරෙකු වන මොහු පෙරේදා නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සිය දෛනික වැඩ කටයුතු සඳහායි.
ඔහුගේ මෝටර් රථයද මේ වනවිට අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.