Gossips

ඝාතනයට ලක් වූ හාළිඇළ දැරියගේ සිරුර ගොඩගනී

හාළිඇළ – මහතැන්න ප්‍රදේශයේදී ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියගේ සිරුර අද (09) ගොඩගනු ලැබුවා.
පසුගිය දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුවයි මෙම සිරුර ගොඩගනු ලැබුවේ.
මීට වසරකට ඉහතදී මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් දැරියගේ මව සහ ඇයගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වැනිදායි.
හාලිඇල – කන්දෙගෙදර – මහතැන්න ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර වළ දමා ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබුනේ.
ඒ අනුව හාලි ඇල සාර්නියා වත්තේ, මහ තැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරියේ එළවළු කොටුවක වළ දමා තිබූ 9 හැවිරිදි දැරියගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුනාදාස ඉදිරියේ ගොඩගනු ලැබුවා.
මේ සිද්දිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ දැරියගේ මව සහ සුළු පියා හාලි ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෘත දේහය ගොඩ ගන්නා අවස්ථාවට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔවුන් දේදෙනාව රැගෙන විත් තිබූ අතර සැකකාරිය විසින් දැරිය වල දැමූ තැන පෙන්වා දෙනු ලැබුවා.