Gossips

ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අල්ලයි

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පසුව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම ඝාතනය සිදුව තිබුණේ පසුගිය 30 වනදායි.