Gossips

ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද තීරණය කළා.
පාර්ලිමේන්තුව උදෑසන 10 ට ආරම්භ වූ අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය ආරම්භවීමට ප්‍රථම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සභාවේ නැගී සිට ප්‍රකාශ කළේ ඝනපූර්ණය නොමැතිවීමෙන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.