Gossips

ඝණ ආහාරවලටත් වර්ණ සංකේත ක්‍රමයක්

පැණිබීම සඳහා මෙතෙක් පනවා තිබු වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සඳහා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තිරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම වැඩපිළිවෙල අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මිට පෙර බෝ නොවන රෝග යටතේ පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබුවා.
අධික ලුණු, සීනි, තෙල් සහිත ආහාර භාවිතා කිරීම තුළින් බෝ නොවන රෝගවලට ජනතාව ගොඳුරු වීම සැලකිල්ල ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
දියවැඩියා රෝගීන් ප්‍රමාණය අඩු ගැනීම මෙහි ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා.
මෙම වර්ණ සංකේත මඟින් ජනතාව ඝණ ආහාර ගැනීම වෙනුවට අර්ධ ඝණ ආහාරවලට පෙළඹෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළකර සිටින්නේ.