Gossips

ගෝවා ගොවීන් දැඩි අර්බුදයක

නිසි මිලක් නොලැබීම හේතුවෙන් මාතලේ – නාවුල ප්‍රදේශය ආශ්‍රිතව ගෝවා වගා කරන ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබෙනවා.
ඔවුන් කියා සිටියේ ගෝවා කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 30ක පමණ අවම අගයක් ගන්නා බවයි.
වගා කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය වුවත්, අස්වැන්න සඳහා ලැබෙන මිල සාධාරණ නොවන බව ද ගොවීන් පෙන්වා දෙනවා.