Gossips

ගෝන මස් ප්‍රවාහනය කළ අයෙක් පොලිස් අත්අඩංගුවේ

ගෝන මස් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් තණමල්විල, හම්බෙගමුව, කණ්ඩියපිට ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිරෝද රථයකින් ගෝන මස් කිලෝ ග්‍රෑම් 63ක් ප්‍රවාහනය කරමින් සිටියදී අදාල සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු ප්‍රදේශයේ රක්ෂිතයකින් මෙම ගෝනා මරා මස් කර ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය සැක පල කරන අතර සැකකරු කොටහෙරමංකඩ, හම්බෙගමුව ප්‍රදේශයේපදිංචිකරුවෙක්.
මොහු දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ මස් ජාවාරමේ නිරත වූ අයෙකු බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.