Politics Sri Lanka

ගෝඨා අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු නියෝගය කල් යයි

ගෝඨා අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු නියෝගය කල් යයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම කැදවිණි.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.

පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදින පැවති නඩු වාරයේදීද මෙම තහනම් නියෝගය දීර්ඝ කළ අතර ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා විරෝධතා ඉදිරිපත් කළත් නිකුත් කොට තිබු අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.