Breaking Gossips Sri Lanka

ගෝඨාභය සීෂෙල්ස් වෙත පලා යයි

අද දහවල් ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ සිට සිංගප්පූරුව දක්වා පිටත්වූ බව මාලදිවයිනේ සිට ලැබෙන ආරංචි තහවුරු කර තිබුනත් පසුව ආරංචි වූයේ ඔහු සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවටත් ඉන් පසු සෞදි අරාබියටත් ගමන් කරනා බවය.

කෙසේ වෙතත් නවතම තහවුරු කරගත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් සෞදි රාජ්‍යයේ හෝ සිංගප්පූරුවේ සැඟව සිටින බවට පවසා හොර රහසේම සිංගප්පූරුවේ සිට සීශෙල්ස් දූපත දක්වා නෞකාවක් මගින් ගමන් කිරීමට නියමිත බවයි. පලා ගිය ජනාධිපතිවරයා විසින් මෙසේ රටින් රටට ගමන් කර ඇත්තේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් වේ යැයි බියෙන් සැඟවී සිටිනා ස්ථානය වසන් කරගැනීමටය.

රාජපක්ෂ පවුලට අයත් දේපළ විශාල ප්‍රමාණයක් මෙම දූපතිහි ඇති බව ප්‍රසිද්ධ රහසකි. තව සීෂෙල්ස් දූපත ලොව කලු සල්ලි සුදු කරනා රාජ්‍යයක් ලෙස ඉතා ප්‍රසිද්ධය. පැන්ඩොරා පේපර්ස්හි සඳහන් නිරූපමා රාජපක්ෂගේ මුදල් ඇත්තේද සීෂෙල්ස් රාජ්‍යයේ වීම විශේෂත්වයකි.

මොහු සීෂෙල්ස්හි සැඟව සිටිමින් වෙනත් රටක සිටිනා ලෙස පුවත් පළ කිරීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මකයි.