Gossips

ගෝඨාභය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත අද (09) උදෑසන පැමිණියා.
ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට අදාළවයි.
පසුගිය අගෝස්තු 24 වනදා නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකු පසුගිය මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රථම වරට පෙනී සිටියා.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු චූදිතයන්ට අධි චෝදනා භාර දුන් අතර, ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණා.
එමෙන්ම නඩුව අද (09) දින සිට අඛණ්ඩව විභාග කිරීමට ද තීරණය කරනු ලැබුවා.