පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමන් හිටපු ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හමු නොවූ බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ අමාත්‍ය මංගල සමරවීර හිටපු ජනාධිපතිවරයාගෙන් විදේශ අමාත්‍ය ධුරය බලාපොරොත්තු වූ බවයි.
එය නොලැබී යාම මත ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව කටයුතු කළ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ 2014 ජනාධිපතිවරණයට පෙර තමාගේ නිවසේදී හිටපු ජනාධිපතිවරයා තමා හමුවූ බවයි.
රාජපක්ෂවරුන් තමාව හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ බවත්, ගෝඨාභය රාජපක්ෂද එලෙස හමුවීමට අවශ්‍ය බව සඳහන් කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එහෙත් තමා ගෝඨාභය රාජපක්ෂ හමුවීම ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.