හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
මාර්තු මස 6 වන දා මෙම ලේඛන තානාපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට ඇමරිකාවට ගොස් සිටින අතර, ඔහු අලුත් අවුරුද්දට පෙර යළි දිවයිනට පැමිණීමට නියමිතයි.
