Gossips

ගෝඨාභය අභියෝගයක් නොවන බව ඇමති රංජිත් කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම අභියෝගයක් නොවන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.
මහනුවර – කුණ්ඩසාලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.