Gossips

ගෝඨාභය අද CIDයට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.
ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමේ පිහිටි නිවසට පැමිණීමෙන්.
එසේම මීට අදාළව කථානායක කරු ජයසූරියගෙන් ද එම නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි මස 22 වන දා යි.