Gossips

ගෝඨාභය අද පළමු වරට පොහොට්ටුවේ කාර්යාලයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ – බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණෙනවා.
ඒ, නිදහස් සන්ධානය නියෝජනය කළ පළාත් සභා නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාවකට එක්වීම සඳහායි.
අද පෙරවරු 10 ට එම උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්වීමට නියමිතයි.
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය පක්ෂ කාර්යාලයට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවන්නැයි ආරාධනාවක් සිදුකළා.