Gossips

ගෝඨාභය අද ජනපති කොමිසම හමුවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (29) ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
පසුගිය දා ඔහු ඇතුළු සිව් දෙනෙකුට මෙම කොමිසම මගින් නොතීසි නිකුත් කෙරුණා.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මෙලෙස නොතීසි නිකුත් කෙරුණු සෙසු පුද්ගලයින්.
ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙම පිරිස කොමිසම හමුවට කැඳවීමට නියමිතයි.