හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්වී රට ඉල්ලන අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.
