පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය ලබන මස 6 වන දා දක්වා අද (27) යළි දීර්ඝ කෙරුණා.
ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීයි.
එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නියෝග කළේ පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන මස 5 වන දා යළි කැඳවීමටයි.
