Gossips

ගෝඨාභයගේ රීට් පෙත්සම් විභාගය 26 වනදා දක්වා කල් යයි

තමන් ඇතුළු 07 දෙනෙකු එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගොනුකර ඇති නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රීට් පෙත්සම විභාගය මේ මස 26 වනදා දක්වා අද කල් තැබුණා.
මෙම පෙත්සම සලකා බැලූණේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර හමුවේයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරුන් සදහන් කර තිබුණේ පෙත්සම්කාර පාර්ශවයේ නොතීසි මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව, පෙත්සම්කාර පාර්ශවයට අදාළ නොතීසි ලබාදෙන ලෙස ද විනිසුරුවරුන් නියෝග කර තිබුණා.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.