Gossips

ගෝඨාභයගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11

තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන මස 11 වනදා ලබා දෙන බව අධිකරණය අද දැනුම් දුන්නා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේ පසුගිය 22 වනදායි.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනෙනවා.
මෙම නඩුව සඳහා පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙරවරුවේ අධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.