Gossips

ගෝඨාභයගේ නඩුව දිනපතා විභාගයට

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව සලකා බැලූණු අවස්ථාවේදියි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනෙකු නම් කර ඇති බවයි.
ඔවුන් විදේශගත විය හැකි බැවින් විදේශගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ බව සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි මහාධිකරණය, රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.
නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනාම අධිකරණයට පැමිණ සිටියා.